FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ හා ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දින මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.   

ඒ අනුව උසස් පෙළ උපකාරක පංති ඔක්තෝබර් 06 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුවද – 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා වන පංති ඔක්තෝබර් 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුවද පැවැත්වීම තහනම් වනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා ආරම්භ වී නොවැම්බර් 06 වනදා දක්වා පැවැත්වෙනු ලැබේ.

එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.