(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුනිසෙෆ් සංවිධානය ලංකා රජයට ප්රසාදය පළ කර තිබේ.
මෙරට ශ්රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවීම සහ කිසිදු ළමයෙකු බන්ධනාගාර පද්ධතියට ඇතුළත් නොකරන බවට රජය පසුගියදා ප්රතිපත්තිමය තීරණයක් ගත්තේය.
ළමා ප්රචන්ඩත්වය, අපයෝජනය, ළමා ශ්රමය සූරාකෑම වැළැක්වීම සහ ඒවාට ප්රතිචාර දැක්විය හැකි පුළුල් ජාතික ළමාරක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට සිය අධිකරණ පද්ධති සන්නද්ධ කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්රී ලංකා රජයට සහය දක්වන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.








