FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් අසාදිත විදේශිකයෙකු නිසා පොල්හේනේ 100ක් පමණ නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට පැමිණි රුසියානු ජාතික පුද්ගලයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී සිදුකළ දෙවන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මේ සමග ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම පුද්ගලයා පසුගිය දා මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති අතර ඔහු සමග තවත් පුද්ගලයින් 13 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම පුද්ගලයා ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමග මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඔහුව රෝහල් ගත කළේය.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය මහතා පැවසුවේ එම රුසියානු ජාතිකයින් පිරිස මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට ඇති බවයි.

මේ නිසා එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලය ද PCR පරීක්ෂණය හා නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ.