FAST NEWS

24×7 Around the Globe

2019 ගුරු විදුහල් අවසන් විභාග ප්‍රථිඵල නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රථිඵල මේ වන විට නිකුත්කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.  

එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රථිඵල ලබා ගැනීමේ අවස්ථාව පවතියි.

2019 වසරේ ගුරු විද්‍යාල අවසාන විභාගය සඳහා අයදුම්කරුවන් 966 දෙනෙක් පෙනී සිටියහ.

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රථිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රථිඵල ශාඛාව අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.