FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් ආසාදිත පිරිස තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් ඇත.   

ඒ තවත් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ (21) දිනයේදී තහවුරු වීමත් සමගයි.

මෙම පිරිස අතර මාලදිවයිනේ සිට පුද්ගලයෙක් ද , එක් අයෙකු මහා බ්‍රිතාන්‍යයේ සිටද , තවත් ආසාදිතයෙක් සවුදි අරාබියේ සිටද , අනෙක් දෙදෙනා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනෙකු ද වෙයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 10 දෙනෙකු ඇතුලු 186 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එමෙන්ම සුවය ලැබූ සමස්ත ගණන 3100 ක් දක්වා ද ඉහළ ගොස් ඇත.