FAST NEWS

24×7 Around the Globe

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද (21) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.  

පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පැවසුවේ මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවරට එළැඹි බවයි.