FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (21) දිනයේදී නීතිපතිවරයාට භාර දීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.    

නෞකාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ වැදගත් තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවත් එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසා සිටියේය.