FAST NEWS

24×7 Around the Globe

මහනුවර ගොඩනැගිල්ලට යටවූ යුවලගේ සිරුරු හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු සොයා ගෙන තිබේ.

මේ වන විට ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

මෙම යුවලගේ මාස එකහමාරක් වයසැති බිළිඳා අද (20) දහවල් ගොඩනැගිල්ලට යටවී මියගොස් සිටියදී සොයා ගැනුණි.

එමෙන්ම, සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනේ මහනුවර මහ නගර සභාව, පොලීසිය සහ යුද හමුදාවද ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.