FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාළය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.  

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි තිබෙන ඇත.

මොවුන් ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස PCR පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව , ඔවුන් මේ වනවිට නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.

නීරෝධායන වීමෙන් දින 21 කට පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.