FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙම සුවඳ විලවුන් මිනිස් සිරුරට විෂ සහිත බවයි.

රුපියල් කෝටියක ආසන්න වටිනාකමකින් යුත්තව මේවා මෙරටදී අලෙවී කිරීමට සැලසුම් කර තිබී ඇත.

පාරිභෝගිකයෙක් ගෙන් ලැබුණු තොරතුරකට අනූව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පිටකොටුව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

රසදිය හා අනෙකුත් සංඝටක තොරතුරු නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.