FAST NEWS

24×7 Around the Globe

20 වන සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ ඉන් අනතුරුව අදාළ සංශෝධනයට එරෙහිව යම් අයෙක් අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින 7 කාලයක් හිමිවන බවයි.

තවද අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම අධිකරණ ක්‍රියාවලිය සඳහා තවත් සති තුනක කාලයක් හිමිවේ.

අධිකරණ තීන්දුවෙන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය සඳහා විසිවන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවද නියෝජ්‍ය මහ ලේකම්වරයා කියා සිටි.