FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකා බහුවාර්ගික බළකාය ක්ෂේත‍්‍ර පුහුණුව අරඹයි.

අප‍්‍රිකා සංගමයේ සියලූ රටවල් ඒකාබද්ධව ආරම්භ කොට ඇති භටයන් 25,000කින් සමන්විත බහු වාර්ගික ආරක්ෂක බළකාය තම මුල්ම ක්ෂේත‍්‍ර පුහුණුව ආරම්භ කොට තිබේ.

මහාද්වීපය පුරා මතු වන අභියෝගවලට මුහුණ දීමට මේ බළකායේ ඇති හැකියාව විමසා බැලීම මේ ක්ෂේත‍්‍ර පුහුණුවේ අරමුණ බව පැවැසේ.

අප‍්‍රිකාවේ ආර්ථික ඒකක 5ක බළ ඇණි 5කින් මේ බළකාය සමන්විත වේ.

බාහිර වශයෙන් සාම සාධක කටයුතු සඳහා විදේශ හමුදා යොදා ගැනීමට විකල්ප වශයෙන් මේ පියවර ගෙන ඇතැයි ද එම රටවල් වැඩිදුරටත් කියයි.