FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,021ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (15) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 237 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.