FAST NEWS

24×7 Around the Globe

කාන්තා පොලිස් නිලධාරීන් රාජකාරියෙන් නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සඳුදා සිට මාර්ග වල මංතීරු නීතය ක්‍රියාත්මක කිරීමට යාමේදී  එහි දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළේ පොලිස් කාන්තාවන්ය.

එම කාන්තා නිලධාරීන් අද(16) සිට එම රාජකාරි වලින් ඉවත් කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් කොළඹට ඇතුළු වන සියලූ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වේ.