FAST NEWS

24×7 Around the Globe

අකුරැස්සේ අයියෝ මලෝ සහ තවත් අයෙකු පෝරකයට.

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ අයියා මලෝ ඇතුළු තිදෙනෙකුට මාතර මහාධිකරණය මරණ දඬුවම් නියම කර තිබේ.

ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී අවිවාහකයෙකු කඩුවෙන් කපා පොලුවලින් පහරදී මරණයට පත්කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවය.

ඒ අනූව අකුරැස්ස, කපුහේන – කෙහෙල්වල පදිංචිකරුවන් තිදෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මරණ දඬුවම් නියම කළ බව අප වාර්තාකරු පැවසීය.

2008 ජූලි 4 දින හෝ ඊට ආසන්න දිනයක මෙය සිදුව ඇති අතර කපුහේන, කෙහෙල්වල වැලිව තන්ත්‍රීගේ වලිම් ප්‍රසන්න යන අයට පහරදී මරණය සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය පෙනී සිටි බවද අප වාර්තාකරු පැවසීය.