FAST NEWS

24×7 Around the Globe

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද (16) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ භාරදුන් මෙම 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් කළ යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබදව ද අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සභාපතීත්වය දරනු ලැබුවේ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින්.