FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද (15) නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ.  

එම නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ (14) පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේය.

එම සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කිරීමට නියමිතව ඇත.