ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන මෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ ය.
ඒ ඇවන්ට් ගාඩ් සමාගම සමබන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දක්වමිනි.
අග්‍රමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරමින් පැවසුවේ, අවන්ගාඩ් සමාගම පිළිබඳව මුදල් විශුද්ධිකරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ය.







