FAST NEWS

24×7 Around the Globe

කොළඹ නවාතැන්පල වලට ඇතුල්කර නොගතයුතු පිරිසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ දින වල පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක කෙරේ.

මේ නිසා එම ජාවාරම් ආරක්ෂිත නිවෙස් වශයෙන් කොළඹ නවාතැන්පොළවල් (Lodge) ආශ්‍රිතව සිදු කෙරෙන බවට තොරතුරු ලැබී තිබේ.

බැවින් එවැනි අපරාධකරුවන්ට ලැගුම්හල් නොදීමට වගබලා ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම හිමිකරුවන්ට උපදෙස් ලබා දෙයි.

නවාතැන්පොළවල් හිමිකරුවන් සහ කළමනාකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තෙන්නකෝන් මහතා මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

එසේම ලැගුම්හල්වලට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කර ගැනීමට සීසීටීවී කැමරා භාවිතය හා සේවකයන් සම්බන්ධ නිෂ්කාශන වාර්තා ලබාගැනීම මෙන්ම තාක්ෂණ උපකරණ භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී උපදෙස් ලබාදී ඇත.

යම් අයකු වුවමනාවෙන්ම පාතාල හෝ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සහාය දෙන බව පෙනී ගියහොත් ඊට අදාළ සියලු දේපළ රාජසන්තක කරන බවද පොලිසිය සඳහන් කරයි.