FAST NEWS

24×7 Around the Globe

රජයේ වැඩපිළිවෙලට සහය වන්නැයි වියත්මගෙන් ජනපති ඉල්ලයි[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් සැලසුම් කර ඇති ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියත්මග සංවිධානයේ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග සංවිධාන කාර්යාලයේදී  එහි සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස එහි සාමාජිකයින් මුණ ගැසුණේ පළමුවරටය.

දේශපාලන අධිකාරිය මැදිහත්විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැළසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත් මග ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.