FAST NEWS

24×7 Around the Globe

දින 13 කට පසු ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඊයේ (13) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,234 ක් දක්වා ඉහළ ගියහ.  


මේ අතරින් 16 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 12 දෙනෙකුද ඇතුළත් වෙයි.

එමෙන්ම කුවේටයේ සිට පැමිණි හයදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු, තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

ඊට අමතරව ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සහ රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුද ආසාදිතයන් ලෙස තහවුරු කරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 1 වනදා මෙරටින් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තාවී දින 13 කින් අනතුරුව හඳුනාගනු ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඊයේ දිනය තුළයි.