FAST NEWS

24×7 Around the Globe

මිලියනයකට අධික හෙරොයින් සමග සැකකාරියන් 3 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සොයාගත් බව අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

 

සැකකාරියන් තිදෙනා හෙට (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.