FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (12) කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.   

හෙට පස්වරු 10.00 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 10, 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.