FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නිරෝධානය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

ඒ ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුවය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි.

ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටි.

අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදු කිරීමට නියමිතය.