FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී සියලු පක්ෂ නියෝජීතයන් කැඳවයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සියලු පක්ෂ නියෝජිතයින්ගේ හමුවක් කැඳවා ඇත.

ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබදව දේශපාලන පක්ෂ දැනුවත් කිරිම එහි අරමුණ වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම නියෝජිතයින්ට ඊට ඇරයුම් ලැබී ඇත.

ජනාධිපතිවරයාගේ ඇරයුම පරිදි සාකච්ඡාවට සහභාගි වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත් පැවසීය.

පිවිතුරු හෙල උරුමයේ උදය ගම්මන්පිල මන්ති‍්‍රවරයා ද ප‍්‍රකාශ කළේ තමන් ද මෙම හමුවට එක්වන බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදි හමුව අද (21) පස්වරුවේදි පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.