FAST NEWS

24×7 Around the Globe

බදුරලියේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකරයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – නාය යාමේ අවදානමක් හේතුවෙන් කළුතර – බදුරලිය ප්‍රදේශයේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව පොලිසිය පවසයි.   

පුද්ගලයින් 50 දෙනෙකු පමණ මෙලෙස බදුරලිය – කොස්ගුලන – ගංගාරාම විහාරස්ථානය වෙත යොමු කර ඇති අතර , ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සපයා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.