FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග රටවල් කීපයක සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු අද (10) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් වෙත පැමිණියහ.  


කටාර් හි දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 81 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සෞදි අරාබියේ රියාද් සිට එරට සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ද අද අලුයම 4.23 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.