FAST NEWS

24×7 Around the Globe

ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිත මුහුදු ජලය රජයේ රස පරීක්ෂක වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – MT නිව් ඩයමන්ඩ් නෞකාව ඇති ස්ථානය අවට මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරේ.

නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50ක දුරක රඳවා තිබේ.

නෞකාවේ සිට සැතපුම් දෙකක් පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

දින දෙකක් ඇතුළත එම සාම්පලවල වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරයි.