FAST NEWS

24×7 Around the Globe

ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – ගිනිගත්හේන බස් නැවතුම්පළේ සිට ගමන් ආරම්භ කරන සියළු පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇත.   

අඹගමුව ප්‍රාදේශීය සභාවට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

මීට හේතූන් ලෙස බස් නැවතුම්පොළේ ත්‍රිරෝද රථ ගාලක් ඉදිකිරීම, ඊළඟ ගමන් වාරය සඳහා ඇති බස් රථ ගාල් කිරීමට ඉඩ ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික වී ඇත.