FAST NEWS

24×7 Around the Globe

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(08) රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.   


ග්‍රෑන්ඩ්පාස්, වෝඩ් පෙදෙස, මාළිගාවත්ත, කොටහේන, බේස්ලයින් සහ කොළඹ විශ්වවිද්‍යාලය අසල මාර්ග වැසි හේතුවෙන් ජලයෙන් යටව පවතිව අතර , ඇතැම් ප්‍රදේශවල ගස් කඩා වැටීම් ද වාර්තාවන බව පොලිසිය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ (08) පෙරවරු 8.30 සිට අද (09) අලුයම 4.30 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි.