FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් හම්බන්තොටට

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – ගිනි ගැනීමට ලක්ව ඇති  නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු හම්බන්තොට වරාය වෙත රැගෙන යයි.

අප වාර්තාකරු පැවසුවේ එම සාමාජිකයින් අද (08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත පැමිණි බවයි.

මේ අතර  නෞකාවේ හටගෙන ඇති ගින්න මේ වන විට පාලනය කර ඇති බව ගුවන් හමුදාව පවසයි.