FAST NEWS

24×7 Around the Globe

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි.

අද (08) පස්වරු 1ට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

අද දිනයේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙයට විරෝධනය පල කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය පල කර සිටියේය.