FAST NEWS

24×7 Around the Globe

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.   

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලටයි.