(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජගිරිය ප්රදේශයේ පෞද්ගලික බැංකුවක් අසල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගනී.
මෙහිදී එම ගණිකා නිවාසේ කළමනාකාරිණියක සහ ගණිකා වෘත්තියේ නියලූනු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ෆේස්බුක් හරහා දැන්වීම් පළකර ඉතා සූක්ෂම අයුරින් මෙම ගණිකා නිවාස පවත්වා ගෙන යන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයට තොරතුරු ලැබී තිබුණි.
පසුව එම විමර්ශන අංශයේ නිලධාරීන් උපාය දූතයන් ලෙස ෆේස්බුක් ගිණුමක සඳහන් කර තිබු දුරකථන අංකයකට අමතා ගණිකා ඇසුර සඳහා යන බව පවසමින් අදාළ ගණිකා නිවාසය වටලා සැකකාරියන් කොටුකර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය මොනරාගල, අම්පාර, සීදුව යන ප්රදේශවල පදිංචි අවුරුදු 20ත් 32ත් අතර වයසේ පසුවන සැකකාරියන්.
මෙම ගණිකා නිවාසයට පාසල් සිසුන් හා තරුණයන් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද තොරතුරු හෙළිව ඇත.
මෙම ගණිකාවක් රුපියල් පන්දහසේ සිට ඉහළට අලෙවි වී ඇති බවද වාර්තාවේ.








