FAST NEWS

24×7 Around the Globe

රනිල්ට යළිත් සිතාසියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට අද සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

හිටපු දිවි නැගුම අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා එම කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකට ඔවුන් අද(07) පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබූ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට සහ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ටද සිතාසි නිකුත් කර ඇත.

කොමිසම විසින් සිතාසි නිකුත් කර ඇත්තේ ඔවුන්ට ලබන 19 වනදා පෙනී සිටින ලෙස දන්වමිනි.