FAST NEWS

24×7 Around the Globe

අත්අඅඩංගුවට ගත් අනුරාධපුරේ සිසුන් නිදහස්

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගත් සිසු සිසුවියන් 100 දෙනා තරයේ අවවාද කොට මුදා හැර තිබේ.

ඔවුන්ගේ දෙමව්පියන්ද කැඳවා ඔවුන් ඉදිරියේ මෙලෙස අවවාධ කර ඇත.

මෙම සියලු දෙනා අද උදෑසන උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ තිබුණි.

පොලිස් භාරයට ගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර නගරයේ වැව් බැම්ම, නව බස් නැවතුම්පොළ සහ දුම්රිය මාර්ගය අසළ රැදී සිටියදී පොලිස් භාරයට ගෙන ඇත .

මෙහි සිටි ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණ වී තිබේ.