FAST NEWS

24×7 Around the Globe

මහා පරිමාණ කහ ජාවාරමක යෙදුණු තිදෙනෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කල්පිටිය) – නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ වැටලීමකදිය.

මෙහිදී කහ කිලෝග්‍රෑම් 800ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

කහ තොගය සහ සැකකරුවන් කල්පිටිය පොලීසියට භාරදී තිබේ.