FAST NEWS

24×7 Around the Globe

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු සම්බන්ධව ඉදිරි පියවර ගැනිම වළක්වා අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය එරෙහිව විරෝධතා ගොනු කිරිම සඳහා නීතිපතිවරයාට ලබන 14 වනදින දක්වා කල්ලබා දුන්නේය.   

රවී ඇතුළු මෙම පිරිස බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 51.98 ක රජයේ මුදල් සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තකරුවන්  

මෙම අතුරු තහනමට විරෝධතා ගොනු කිරිම අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබුණි. 

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ විරෝධතා ගොනු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.