FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් බෙදා හැරිය කානත්වන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර, නිව්ඩාව ප්‍රදේශයේදීය.

පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ සොහොයුරියන්ය.

ඔවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවේ.

ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගෙන ඇත.