FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා කිලෝ 38 ක් මීගමුවේදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු මීගමුවේදී  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

අදාළ පුද්ගලයන් යාපනය ප්‍රදේශයේ සිට මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සැක පළකරයි.

මෙහිදී රුපියල් මිලියනයක මුදල් ප්‍රමාණයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.