එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නොවැම්බර් මස 03 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මේ පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.







