FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන වැටුපට සාධාරණය ඉටුකරන්න ලෙස රාජ්‍ය සේවය සඳහා එක්වූ උපාධිධාරීන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.   

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පස්වරුවේ උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති කාර්යාලයේ දී පැවති උත්සවයට එක්වෙමිනි.

මෙරට තුළ සංවර්ධන ක්‍රියාදාමයට සෘජුව හා සක්‍රීයව දායකවන්නැයි ද ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කළේය.

තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.