FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ටැංකියක පිපිරීමක්.

(ෆාස්ට් නිව්ස් | අම්පාර)    UPDATE  නැගෙනහිර මුහුදේ දැනට ගිනිගෙන ඇති තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් රැගත් ටැංකියෙන් තෙල් කාන්දු වීම වැළැක්වීමට පියවර ගන්නා බව සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පවසයි.

(ෆාස්ට් නිව්ස් | අම්පාර) – සංගමන් කන්ද පොයින්ට් සිට නාවික සැතපුම් 38 ක් දුරින් පිහිටි ඉන්ධන ටැංකියක පිපිරීමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් ගින්නක් හටගෙන ඇත.

“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කරයි.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.