FAST NEWS

24×7 Around the Globe

මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.   

අද අලුයම 01 .45 ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව හා තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කල පිරිසක්.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශණ මෙහෙයවනු ලබයි.