FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 24 තුළදී ප්‍රදේශ කීපයකට ධාරාණිපාත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි පැය 24 තුළදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    

මේ අනුව බස්නාහිර , දකුණ , මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

පවතින ධාරාණිපාත වර්ෂාව හමුවේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දූනමලේ ප්‍රදේශයේදී ජල මට්ටම සුලු ගංවතුර මට්ටමක් දක්වා වැඩිවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එබැවින් එම ගංගා දෙපස වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එමෙන්ම ගාල්ල , කළුතර , රත්නපුර , කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික් සඳහා පණවා ඇති නායයාමේ අනතුරු ඇගවීම අද පස්වරු 04 දක්වා බලාත්මකව පවතියි.

මේ අතර අද පස්වරු 12 වනතෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්වීමෙන් වළකින ලෙස එක්දින හා කුඩා යාත්‍රා ධීවරයන්ට ධීවර දෙපාර්තමේන්තුව අනතුරු නිකුත් කරයි.