FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් තොගයක් සමඟ 5 දෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) –  දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී හෙරොයින් තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම හෙරොයින් පොල් තුළ සඟවා රැගෙන යමින් සිට ඇති බව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 500ක් මෙහි තිබී ඇති අතර ඒ සමඟ පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.