FAST NEWS

24×7 Around the Globe

තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී කොටස යළි විවෘත කරයි. (update)

තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර කොටස යළිත් විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නාය යාමේ අවදානමක් හේතුවෙන් අද (20) පෙරවරුවේ නැවතත් මෙම කොටස වසා දැමුණි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉමදූව සහ කොක්මාදූව අතර කොටස වසා දැමුණු අතර, දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය කියා සිටියේ වැසි සහිත කාලගුණය නිම වන තුරු එම ස්ථානයේ පවතින ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදිය නොහැකි බවයි.