FAST NEWS

24×7 Around the Globe

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.