FAST NEWS

24×7 Around the Globe

එජාප පළාත් පාලන නියෝජිතයින් පිළිබඳව අධිකරණයෙන් නියෝගය‍ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජනබලවේගයට සහය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වනදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ. 

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එජාප පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද සලකා බැලීමෙන් පසුව අදාළ දැනුම්දීම සිදුකර ඇත.