FAST NEWS

24×7 Around the Globe

අද කොළඹ ප්‍රදේශයේ ජලය අත්හිටුවන තැන් මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) පස්වරු 01 සිට හෙට (03) පෙරවරු 7 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.  

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මීට අමතරව කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.